උගන්ඩාවේ ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී ලබාදෙන පුහුණුව තවදුරටත් පුළුල් කරන ලෙස උගන්ඩා ජනපති යොවේරි කගුටා මුසවේනි මහතා සඳහන් කරයි.
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා මේ දිනවලදී අප්‍රිකාවේ නිල සංචාරයකට එක්ව සිටින අතර ඊට සමගාවීම උගන්ඩාවේ ජනපති හා පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා මේ බව ඉල්ලා තිබේ.
උගන්ඩාවේ යුද, ගුවන් හා නාවික හමුදා සාමාජිකයන් සඳහා ශ්‍රී ලංකාව පුහුණු කරයි. 1972 වසරේදී ශ්‍රී ලංකාව හා උගන්ඩාව අතර රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතා ආරම්භවිය.
උගන්ඩාවේ කුඩා ජලවිදුලි බලාගාරයන්හි ශ්‍රී ලංකාවෙන් ලැබී ඇති ආයෝජන පිළිබඳවත් ඒ හරහා උගන්ඩාවට සිදුවන ආර්ථික දායකත්වය පිළිබඳවත් උගන්ඩා ජනපතිවරයා සිය කෘතවේදීත්වය ප්‍රකාශ කර ඇත.
