උකුවෙල පොහොට්ටු මන්ත්‍රීනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවය
උකුවෙල තාංලිංගාමඩ ග්‍රාම නිලධාරිනි සමුද්‍ර ඒකනායක මහත්මියට පහර දුන් උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිනි හිමාලි එරන්දිකා අබේරත්න මහත්මියගේ පක්ෂ සමාජිකත්වය අත්හිටවු බව පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
කොවිඩ් තත්වය හේතුවෙන් සංචරණ සිමා පැනවිමෙ හේතුවෙන් අඩු ආදායම් ලාභි පවුල් සදහා රුපියල් පන්දහසේ භාණ්ඩ මල්ල ලබා දිමේ වැඩපිළිවෙල යටතේ උකුවෙල කැන්දගොල්ලාමඩ වසමේදි අදාළ භාණ්ඩ ලබා දිමේදි ඇතිවු ගැටලු කිහිපයක් අදාළ මන්ත්‍රිවරිය සහ ග්‍රාම නිලධාරිවරිය අතර ඇතිවු කතාබහක් හේතුවෙන් මෙම පහරදිම සිදුව ඇති අතර පසුව මන්ත්‍රිවරිය පොලිස් අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් පනස්දහසක ශරිර ඇප මත මුදාහරුණි.
ග්රාමනිලධාරිවරිය මේ වන විට මහනුවර ජම්බුගස්පිටිය ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර 17 දින උකුවෙල කොට්ඨාශයේ ග්‍රාම නිලධාරින් පන්දහසේ බඩුමල්ල බෙදිමේ කටයුතුවලින් ඉවත්ව තිබුණි.
මහේෂ් කීර්තිරත්න
popular news
-
bandara Tuesday, 18 May 2021 06:17 PM
ඔය අත්හිටුවීම තව දවස් කීපයයි. මිනිස්සුන්ට අමතක උනහම ආපසු සාමාජිකත්වය දෙනවා. අර ගුරුවරියක් දනගස්සපු එකාටත් ඊළඟ චන්දෙට නොමිනේෂන් දුන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

