ඊයේ ලංකාවට ආ විදේශිකයා අද දියේ ගිලි මරුට
නයිනමඩම වෙල්ලමංකරය මුහුදේ තම පවුලේ සාමාජිකයන් සමග දියනාමින් සිටි විදේශිකයෙකු ගිලි මියගොස් ඇති බව
මාරවිල රොහල් පොලීසිය පැවසීය .
මෙලෙස මියගොස් ඇත්තේ ජර්මන් ජාතික එලියාස් (28) නැමති අයෙකි. මෙම විදේශිකයා ලාංකික කාන්තාවක් සමග විවාහ වි ඇති බවත් ඊයේ (12) දිනයේදි ජර්මනියේ සිට නිවාඩුවකට ලංකාවට පැමිණ ඇති බව වාර්තා විය.
වෙන්නප්පුව බෝලවත්ත රංගම්මුල්ල ප්රදේශයේ බිරිඳගේ නිවසට පැමිණ අද (13) දහවල් නයිනමඩම වෙල්ලමංකරය මුහුදේ දියනෑමට ගොස් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව රෝහල් පොලීසිය සඳහන් කළේය. මාරවිල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
නයිනමඩම - චන්දන ප්රනාන්දු

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

