නවදිල්ලිය, 2020 ජූලි 8 - 2023 ඉලක්කයට පෙර සරම්ප සහ රුබෙල්ලා රෝගයන් මාලදිවයින සහ ශ්‍රී ලංකාව තුරන් කර ඇති බවත් ඒ අනුව එසේ රුබෙල්ලා හා සරම්ප තුරන් අග්නිදිග ආසියානු කලාපයේ පළමු රටවල් දෙක බවටද ශ්‍රී ලංකාව හා මාලදිවයින පත්ව ඇති බව ලොක සෞඛ්‍ය සංවිධානය පවසයි.
“මෙය රෝගවලින් ආරක්ෂා වීමට මෙන්ම සියලු දෙනාටම සෞඛ්‍ය සම්පන්න ජනගහනයක් සහ සෞඛ්‍යයක් ළඟා කර ගැනීම සඳහා අප දරන උත්සාහයේ වැදගත් පියවරක්” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ කලාපීය අධ්යක්ෂ වෛද්‍ය පූනම් සිං පැවැසීය.
අග්නිදිග ආසියාවේ සරම්ප සහ රුබෙල්ලා තුරන් කිරීමේ කලාපීය සත්‍යාපන කොමිෂන් සභාවේ පස්වන රැස්වීමෙන් පසුව මෙම නිවේදනය නිකුත් කර තිබේ. වසංගත විද්‍යාව, වෛරස් විද්‍යාව සහ මහජන සෞඛ්‍ය යන ක්ෂේත්රවල ස්වාධීන ජාත්‍යන්තර විශේෂඥයින් 11 දෙනෙකුගෙන් මෙම කොමිසම සමන්විත වේ.
හොඳින් ක්‍රියාත්මක වන නිරීක්ෂණ පද්ධතියක් තිබියදී වසර තුනකට වැඩි කාලයක් තිස්සේ සරම්ප සහ රුබෙල්ලා වෛරස් සම්ප්‍රේෂණය වූ බවට සාක්ෂි නොමැති විට රටක් සරම්ප සහ රුබෙල්ලා තුරන් කළ බවට තහවුරු වේ.
ලදිවයින 2009 දී අවසන් වරට සරම්ප රෝගය සහ 2015 ඔක්තෝම්බර් මාසයේදී රුබෙල්ලා රෝගය වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාව අවසන් වරට ආවේණික සරම්ප රෝගය 2016 මැයි මාසයේදී සහ රුබෙල්ලා රෝගය 2016 මැයි මාසයේදී වාර්තා වී තිබේ.