ශ්‍රී ලංකාවට එළඹෙන ඉරිදා (21දා) අර්ධ සූර්යග්‍රහණයක් නිරීක්ෂණය වන බව නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශයන්ට නිරීක්ෂණය වන මෙම අර්ධ සූර්යග්‍රහණය එදින උදෑසන 10:24ට පමණ ආරම්භ වන අතර, එම ආරම්භක අවස්ථාව යාපනයට දිස්වේ. එසේම මෙම සූර්යග්‍රහණය උදෑසන 10:25ට පමණ කොළඹට නිරීක්ෂණය වන අතර, අනතුරුව උදෑසන 11:51 වනවිට එහි උපරිමයට ළඟා වී දහවල් 1:19ට පමණ අවසන් වෙයි. මෙම උපරිම අවස්ථාවේදී සූර්යයාගෙන් 24% පමණ චන්ද්‍රයාගෙන් ආවරණය වේ.
මෙම අවස්ථාව පියවි ඇසින් නිරීක්ෂණය නොකළ යුතු අතර, සූර්යග්‍රහණය නිරීක්ෂණය කරන විශේෂිත කණ්ණාඩියකින් හෝ නොම්මර 14 වෑල්ඩින් වීදුරුවකින් නිරීක්ෂණය කිරීම ආරක්ෂා සහිත වේ. මේ පිළිබඳ වැඩි විස්තර ආතර් සී. ක්ලාක් ආයතනයේ www.accimt.ac.lk වෙබ් අඩවිය මගින් ලබාගත හැකිය.