ඉරාන ජාතික ගුවන් මගීන් 86 දෙනෙකු රැගෙන ඉරාන ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් ටෙහෙරාන් නුවර සිට අද (15) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මොවුන් සියලු දෙනා ශ්රී ලංකාවේ ක්රියාත්මක උමා ඔය ජල යෝජනා ක්රමය යටතේ සේවය කරන ඉරාන ජාතිකයන් පිරිසක් බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
මෙම ගුවන් මගීන් පිරිස අද දින සවස 5.35 ට ඉරානයේ , ටෙහෙරාන් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ඉරාන ගුවන් සේවයට අයත් අයි.ආර්.- 5374 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස , ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ වලට ද ලක් කෙරෙන අතර , එම පරීක්ෂණ සිදු කිරීම සදහා කොළඹ ආසිරි රෝහලේ කාර්යය මණ්ඩලයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටිති .
