පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බව එරට ජ්‍යෙෂ්ඨ නායකයෙක් පවසයි. පකිස්තාන මාධ්‍ය ආයතනයකට අදහස් දක්වමින් පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි)
පක්ෂයේ ප්රබලයෙකු වන ෆයිසාල් වව්ඩා කියා සිටියේ අගමැති ඛාන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවයි.
ඉම්රාන් ඛාන් ආර්ථික අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා කරමින් ඔහු බලයෙන් පහ කරන ලෙස ඉල්ලා එරට විපක්ෂ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමත් සමඟ පකිස්ථානය මේ වන විට දේශපාලන ව්‍යාකූලත්වයකට පත්ව ඇත.
මේ අතර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ රජයේ කිහිපදෙනෙකුම අමාත්‍යධුරවලින් ඉවත් වී විපක්ෂය ගෙන ආ විශ්වාසභංගයට සහාය පළ කිරීමත් සමග ඉම්රාන් ඛාන් විශ්වාසභංගයෙන් පරාජය වන තතත්වයට පැමිණ ඇති බව වාර්තා වෙයි.