ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ රෝගය සියයට හැටකින් පමණ පාලනය වි ඇති බවත් පසුගිය සතිය තුළ කිසිදු මරණයක් වාර්තා වි නොමැති බවත් කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.
ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ රෝගය වැළදිමෙන් වෙනත් පළාත්වලින් එන රෝගින් සංඛ්‍යාවද අඩුවි ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.
රෝහලේ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරු, වාට්ටුභාර ,දැඩිසත්කාරක ඒකක හා හදිසි අනතුරු භාර විශේෂඥ වෛද්‍යවරුන් සමග කළ සාකච්ඡාවකදි මෙම කරුණු අනාවරණය වු බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගීන්ගෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකය පසුගිය කාලයේ දි පිරිගොස් තිබු නිසා තාවකාලිකව නතරකොට තිබු හදිසි නොවන ළමා සැත්කම් යළි ආරම්භකොට ඇති බවද රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.
ජිනේෂ් නානායක්කාර
