ඉන්ධන මිල සතියකට වතාවක් වෙනස් විය යුතු බවත් ඉන්ධන මිල සූත්‍රය අනුව වෙනස් වූ මිළ ගණන් ඒ ආකාරයෙන් පැවැතිය යුතු බවත් රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඉන්දියාවේ දිනපතා ඉන්ධන මිල වෙනස් වෙන බවයි. 2003 වසරේදී ගෙන ආ ඉන්ධන මිල සූත්‍රය වත්මන් ආණ්ඩුව නැවත වරක් හදුන්වාදුන් බවත් ඔහු පවසයි.

