ඉන්ධන මිල සංශෝධනයක් ළඟදීම
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව ඉදිරියේදී ඉන්ධන මිල සංශෝධනයක් කරන බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහත පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසිය.
“ජීවන වියදම ඉහළ ගිහින් ආදායම් අහිමි වෙලා ජනතාව අතිශයින්ම දුෂ්කර තත්වයක සිටින බව අපි දන්නවා. ඒ නිසා තමයි ලෝක වෙළඳපොලේ ඉන්ධන මිළ දැවැන්ත ලෙස ඉහළ යද්දී අපි මාස 21කට අධික කාලයක් ඉන්ධන මිළ සංශෝධනය නොකර සිටියේ. නමුත් අවාසනාවකට තවදුරටත් ආණ්ඩුවට මේ දැවැන්ත අලාභය දරා ගන්න බැරි වෙලා තිබෙනවා. ලෝක වෙළඳපොලේ මිළ ඉහළ යන විට මෙතරම් දිගු කලක් මිළ වැඩි නොකර සිටි යුගයක් ඉතිහාසයේ කවදාවත්ම තිබුණේ නෑ.
දිගින් දිගටම වියදමට වඩා අඩු මිළකට ඉන්ධන විකිණීම නිසා 2020 වන විට ඛනිජතෙල් සංස්ථාවේ එකතු වූ අලාභය රුපියල් බිලියන 331ක් හෙවත් රුපියල් කෝටි 33,100ක්. මේ නිසාම ආයතනය දැනටමත් ණය ගෙවා ගත නොහැකි බංකොලොත් ආයතනයක් බවට පත් වී තිබෙන්නේ. ඒ වගේම ඉන්ධන සඳහා වසරකට ඩොලර් බිලියන තුනක් හෙවත් රුපියල් කෝටි 300ක් වැය වෙනවා. සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. විදේශ ආයෝජන නැවතිලා. විදෙස්ගත ශ්‍රමිකයින් විශාල පිරිසක් නැවත ලංකාවට ඇවිත් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ අඩු වෙලා. මේ විදේශ විනිමය අර්බූදය මැද ඉන්ධන ආනයනයට ඩොලර් බිලියන තුනක් වැය කිරීම අභියෝගයක්.
ඉහත තත්වය පිළිබඳ ජීවන වියදම් අමාත්‍ය අනුකමිටුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කර නුදුරු අනාගතයේම ඉන්ධන මිළ සංශෝධනය කිරිමට තීරණය කලා. සංශෝධනය කවදාදැයි දැන්ම කියන්නේ නැත්තේ තෙල් පිරවුම්හල් ඉදිරියේ දිගු පෝලිම් ඇති වුනොත් කෝවිඩ් පාලනයට අහිතකර ලෙස බලපාන්න පුළුවන් නිසා.”

popular news
-
Deepal Nirosh Friday, 11 June 2021 04:57 PM
රටේ ජනාධිපතිවරයා නම් කියන්නෙ මූල්‍ය ප්‍රශ්නයක් නැහැ, එන්නතේ තෙවන මාත්‍රාව අවශ්‍ය නම් දැන් ඇණවුම් කරන්න කියලයි. අගමැතිවරය රටේ නගර 100ක් අලංකරණය කරන්න මිලියන 2000ක්ම කැබිනට් මණ්ඩලයෙන් ඊයෙ පෙරේදා අනුමත කරව ගත්ත. ඉතින් මෙපමණ මුදල් සංසරණයක් රටේ තියෙද් දි තෙල් මිල වැඩි කරන්න මේ මැතිවරයට තියන හදිස්සිය මොකද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
