ඉන්ධන මිල වැඩි කිරිමට එරෙහිව පළාත් සභා විරෝධය
ඉන්ධන මිල වැඩි වීමට විරෝධය පළකරමින් අද (12) පැවති දකුණු පළාත් රැස්විමට සහභාගි විම සඳහා දකුණු පළාත් සභාවේ එජනිස මන්ත්රීවරුන් වන සම්පත් අතුකෝරල සහ චන්න සාලිය මෙන්ඩිස් යන මහත්වරු හිස් කෑන් සහ පන්දම් රැගෙන ත්රීරෝද රථයකින් පැමිණියහ.
ඉන්ධන මිල අසාධාරණ ලෙස වැඩි කිරීමට විරුද්ධව මන්ත්රීවරුන් මෙසේ පන්දම් සහ හිස් කෑන් සමඟින් පළාත් සභා පරිශ්රය තුළට පැමිණි අතර එහිදී එජාප මන්ත්රීවරුන් වන අශෝක ධනවංශ සහ ජයසිරි නානායක්කාර යන අය එයට විරුද්ධත්වය පෑම නිසා උණුසුම් තත්වයක් ඇති විය.
අශෝක ධනවංශ - සම්පත් මන්ත්රීතුමාට කෝටි 03 ක වානහයක් දීලා තියනවා ඇයි මේ ත්රීවීල් වන ඉන්ධන දෙන්නෙත් පළාත් සභාවෙන්
සම්පත් අතුකෝරල - ඉන්ධන කෙහොම ගහන්නද දැන් මිල වැඩි වෙලා. අසාධාරණ මිල වැඩි කිරීමක් මේක.
චන්න සාලිය මෙන්ඩිස්- මංගලගේ අවමංගල සුත්රය ආයිත් ඇවිල්ලා. දැන් මිනිස්සුන්ට ආයිත් අවමංගල තමයි. මහින්ද මහත්තයා හිටපු දවස් කීපයකට රුපියල් 20 කින් මිල අඩු කරා. ඊට කලින් මේ අය දිගින් දිගටම මිල වැඩි කරමින් සිටියේ. මිල අඩුකරන්න පුළුවන් කම තියෙද්දී මෙසේ මිල වැඩි කරා. අපි ඔප්පු කරලා පෙන්නුවා අඩු කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඇවිල්ලා පළවෙනි සැරේ බොරුවට රුපියල් 02 ක් මිල අඩු කරලා. දැන් රුපියල් 06 ටත් වඩා මිල වැඩි කරලා. මේ අවමංගල සුත්රය තිබුනොතින් ජනතාවට අවමඟුල් තමයි. වහාම මේ තෙල් මිල අඩුකරන්න.
මෙසේ සටන් පාඨ කියමින් එජනිස මන්ත්රීවරුන් දෙදෙනා පළාත් සභාවට පිවිසි අතර එජාප මන්ත්රීවරුන් දෙදෙනා ඔවුන්ට විරුද්ධ වෙමින් පළාත් සභාභූමියට ඇතුල් වුයේ මේ අය කිසිම දිනක තෙල් මිල වැඩි කරලා නෑ වගේ කතාව යැයි කියමිනි.



popular news
-
Sanath Tuesday, 12 February 2019 04:42 PM
තෙල් මිල විසාල ගැටළුවක්, ඒ උනත් මේ වගේ පුහු සංදර්ශන වලින් පලක් නැත.
Reply : 0 1
uvindu lochana de silva Sunday, 16 February 2020 08:02 PM
මට චන්න සාලිය මෙන්ඩිස් ගේ දකුණු පළාත් සබාවේ උණුසුම් පුවත් ඔක්කොම ම වෙතට යොමුකර මට සහයෝගයක් දෙන්න කරුණාකර මට උදව් කරන්න පරන පුවතුත් යොමු කරන්න ප්ලේඅසේ හෙල්ප්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
