ඉන්ධන මිල යළිත් ඉහළට
| ඉන්ධන වර්ගය | මිල වැඩිවීම (රු) | පැරණි මිල (රු) | නව මිල (රු) |
| පෙට්‍රල් ඔක්:92 | 8 | 137 | 145 |
| පෙට්‍රල් ඔක්:95 | 7 | 148 | 155 |
| ඔටෝ ඩීසල් | 9 | 109 | 118 |
| සුපිරි ඩීස් | 10 | 119 | 129 |
| භූමිතෙල්/කාර්මික භූමිතෙල් | - | 70/110 | - |
අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රු 8කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 10කින් රජය විසින් ඉහළ දමා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 145 දක්වා වැඩිවී ඇති අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ නංවා ඇත අතර නව මිල රුපියල් 155කි.
ඩීසල් ලීටරයක මිල රුපියල් 9කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 118 ක් වන අතර සුපරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 129 කි .
ඉන්ධන මිල සූත්‍රය අනව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ තෙල් මිල ඉහත සඳහන් අයුරින් ඉහළ යනු ඇත.

popular news
-
Ruwan Friday, 06 July 2018 05:19 AM
නිකන් විපක්ෂෙට ඔවුන්ගේ ප්‍රශ්න අමතක වෙන්න හේතු හොයල දෙන මෙහෙමත් මෝඩ ආණ්ඩුවක්. මහින්දටත් එයාගේ ප්‍රශ්නේ වහගන්නේ කොහොමද කියල බලාගෙන ඉන්නකොට නික හේතු හදල දෙනවා. අද ඉතින් විපක්ෂේ පිරිස මහජනතාව සමග කියා ඩෙගා නටයි. නමුත් ඔවුන් දන්නේ නැති වුනාට මිනිසුන් දන්නවා ඔවුන් යනකොටත් ඩිසල් සහ පෙට්‍රල් මිට වඩා ඉහල අගයක තිබුණු බව. නාමල් බේබි ඉතින් විමල් එක්ක කඩේ යනවා මිසක් පෙට්‍රල් සල්ලි දීල අරගෙන නැහැනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

