ඉන්ධන මිලේ වෙනස කියන්න ලක්ෂ 85ක් වැයකරලා
මුදල් අමාත්‍යාංශය ඉන්ධන මිල අඩුවැඩිවීම ගැන සඳහන් කරමින් මහජන බදු මුදලින් දින හතරකදී රුපියල් ලක්ෂ 85ක් (8,545,523) වැයකර පුවත්පත් දැන්වීම් පළ කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පුංචි බොරැල්ල වජිරාශ්රමයේ අද (17දා) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
බන්දුල ඛනිජ තෙල් මිල සංශෝධනයට අදාළව නිර්මාණය කළ දැන්වීම් තුනක් 2017 මැයි 13,15,17 හා 20 යන දිනවලදී පාඨක ප්‍රතිචාර හිමි සිංහල,දෙමළ,ඉංග්‍රිසි පුවත්පත්වල පළකර තිබුණු බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
මහජනයාගේ බදු මුදල් වැයකරමින් පළකළ මෙම දැන්වීම්වල විකෘති කළ අසත්‍ය කරුණු ඇතුළත් වන බවත්, ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල හා මෙරට ඛනිජ තෙල් මිල සම්බන්ධව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අසත්‍ය කරුණු ප්‍රකාශ කර තිබෙන බවත් මෙහිදී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මුදල් ඇමතිවරයාට සංඛාලේඛන සහිත වාර්තා සකස් කරදෙන නිලධාරියා සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ඔහු මෙහිදී පැවසීය.

popular news
-
Namal Tuesday, 17 July 2018 06:50 PM
හිටපු ජනාධිපතිවරයා විසින් තමා ප්‍රතිරූපය ගොඩ නැගීම සදහා (Hoardings අද්වේර්ටිස්මෙන්ට්ස්, etc ) වියදම් කල මහජන මුදල් ප්‍රමාණය කොපමණද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

