ඉන්ධන ප්රවාහනය කරන පෞද්ගලික ටැංකි රථ සඳහා කිලෝ මීටරයට ගෙවන ප්රවාහන දීමනාව වැඩි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
ඉන්ධන මිල වැඩි වීමත් සමග පෞද්ගලික ටැංකි රථ හිමියන්ට මුහුණදීමට සිදු වූ ආර්ථික අපහසුතාව හේතුවෙන් මෙසේ මිල වැඩිකළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
වර්තමාන ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව එක් එක් ධාරිතාවයකින් යුතු පෞද්ගලික ඉන්ධන ටැංකි රථ සඳහා වූ මිල සංශෝධනය කර ඇති අතර, එය පසුගිය මස 15දා සිට ක්රියාත්මක වේ.