ඉන්දීය ගුවන් මඟියෙක් ජීවික්ෂයට
ඉන්දියාව බලා ගමන් ගැනීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි එරට ගුවන් මගියෙකු අද (18දා) අලුයම එහි පිටත්වීමේ පර්යන්තය තුළ දී ඇද වැටී ජීවිතක්ෂයට පත් වී තිබේ. මොහු 52 හැවිරිදි ඉන්දියාවේ , රාමනාථපුරම් හි පදිංචි ජාතික සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි.
ඔහු අද අලුයම 2.00 ට පමණ ඉන්දියාව බලා පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත පැමිණ තිබේ. එහිදී ඔහුට ඇති වූ කිසියම් රෝගාබාධිත තත්ත්වයන් නිසා එහි වූ කොන්ක්‍රීට් කණුවක් බදා ගෙන ඇති අතර , පසුව ඔහු එම කණුව දිගේ රෑටා වැටෙන අන්දම ගුවන් තොටුපළ තුළ සවි කර ඇති ආරක්ෂක කැමරා දර්ශන නිරීක්ෂණය කිරීමෙන් ගුවන් තොටුපළ පොලීසිය අනාවරණය කර ගෙන තිබේ .
මෙම මරණය පිළිබඳව මේ වනවිට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කිරීමට ගුවන් තොටුපළ පොලීසිය පියවර ගෙන තිබේ.
එමෙන්ම මේ පිළිබඳව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර, මෙම මෘත දේහය මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයට ඇතුළත් කර, ඉන් අනතුරුව අධිකරණයේ නියෝග මත, මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට ගුවන් තොටුපළ පොලීසිය පියවර ගනිමින් සිටියි.
ටී.කේ.ජී. කපිල

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
