නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවී තිබේ.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් මෙරට ආර්ථික ක්ෂේත්රය නගා සිටුවීමට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බවට ඉන්දීය විදේශ ලේකම්වරයා මුදල් අමාත්‍යවරයා වෙත සඳහන් කර තිබේ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය විදේශ ලේකම්වරයා වෙත සඳහන් කර ඇත්තේ අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් ඉන්දියාව සමග සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම අපේක්ෂාව බවටයි.
