නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා අද (04) දිනයේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිතව ඇත.
ඉන්දීය විදේශ ලේකම්වරයා අද පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් සහ එම අමාත්‍යාංශ ලේකම් ජයනාත් කොළඹගේ හමුවීමට නියමිතයි.
පසුගිය 02 වනදා නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ලේකම්වරයා දිවයිනට පැමිණි අතර ඊයේ දිනයේ ඔහු ත්‍රිකුණාමලය තෙල් ටැංකි නිරීක්ෂණයටද එක් විය.