කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සදහා ඉන්දීය ජාතික නැවියන් 54 දෙනෙකු ඉන්ඩිගෝ ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මුම්බායි නුවර සිට අද (17) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ .
මෙම ගුවන් යානයේ ගුවන් මගීන් 69 දෙනෙකු සිටින අතර , ඔවුන් අතරින් 54 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ කොළඹ වරායට පිවිසෙන අතර , ඉතිරි ගුවන් මගීන් 15 දෙනා වෙනත් ගුවන් යානයකින් කටාර් රාජ්‍යයේ දෝහා වෙත යෑමට නියමිතය .
මෙම ගුවන් මගීන් පිරිස අද දින සවස 5.30 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6ඊ.- 9091 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කිරීම ද සිදු කෙරුණි .
