ඉන්දීය ජාතික සේවක පිරිසක් ඉන්දියාවට රැගෙන යයි
ශ්රී ලංකාවේ පවත්වා ගෙන යනු ලබන යකඩ හා වානේ කර්මාන්තශාලා වල සේවය කරන ඉන්දීය ජාතිකයන් 174 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 8/25 දින දහවල් නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .
ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන එම ගුවන් යානය 8/25 දින දහවල් 12.11 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබුණි .
මෙම ගුවන් යානය තුළ ව්යාපාරික පංතියේ ආසන තුළ 12 දෙනෙකු ද , පිරිමැසුම්දායක පංතියේ ආසන තුළ 161 දෙනෙකු ද , තවත් එක් කුඩා දරුවෙකු ද අසුන් ගෙන සිටියහ .
මෙයට පෙර අවස්ථා කීපයක දී ද ශ්රී ලංකාවේ ශ්රී ලංකාවේ පෙදරේරුවන් සහ වඩු කාර්මිකයන් ලෙස සේවය කරන ඉන්දීය ජාතිකයන් පිරිස් ද මෙසේ ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා වලින් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා රැගෙන ගොස් තිබුණි .
මෙම ගුවන් යානය 8/25 දින උදෑසන 10.42 ට ඉන්දියාවේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 38 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
කටුනායක ටී.කේ.ජී.කපිල

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

