ඉන්දිය හිටපු පුහුණුකරු ලංකාවේ පන්දු රැකීමේ අංශ සංවර්ධනය කිරීමට එයි
- 6 05 2025
- 13:39
- {{hitsCtrl.values.hits}} views
- ..
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු රැකීමෙ පුහුණු කරු ආර. ශ්රීධාර් මහතා ශ්‍රී ලංකාවේ ක්‍රික් ක්‍රීඩකයන් වෙනුවෙන් දින දහයක පුහුණු සැසියක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
හෙට (07දා) මෙම පුහුණු සැසිය ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඒ හරහා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පන්දු රැකීමේ දක්ෂතා වර්ධනය කිරීමට අපේක්ෂා කරයි.
ජාතික ක්‍රිකට් සංචිතය, නැගී එන සංචිතය, පළමු පෙළ ක්‍රිඩකයන් හා ජාතික අවුරුදු 19න් පහළ සංචිතය හා කාන්තා A කණ්ඩායම යන කණ්ඩායම් වෙනුවෙන් මෙම පුහුණු කඳවුරු පැවැත්වෙයි. එසේම ජාතික පුහුණුකරුවන්, උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් හා ක්‍රීඩා සමාජ පුහුණුකරුවන් සමග සමිපව කටයුතු කරමින් ඔහු මෙම පුහුණු සැසි පැවැත්වීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
