ලෝක සංචාරක සම්මාන උළෙලේ දී අඛණ්ඩව 3 වන වරටත් ඉන්දීය සාගර කළාපය වෙත මෙහෙයුම් සිදු කරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙසට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පත්ව තිබේ.
මෙම සම්මාන උළෙලේ දී ආසියාව සහ ඕෂනියාව ආවරණය වන පරිදි සිදු කෙරෙන ගුවන් ගමන් සමාලෝචනය කර තිබුණ අතර , මෙම උත්සවය පසුගිය 12 වැනි දින වියට්නාමයේ දී පැවැත්විණි.
මේ සදහා ආසියානු කළාපයේ රටවල් ගනනාවක් නියෝජනය කරමින් බැංකොක් ගුවන් සේවය, කැතේ ෆැසිපික් ගුවන් සේවය, චයිනා ඊස්ටන් ගුවන් සේවය, චයිනා සදර්න් ගුවන් සේවය, හයිනාත් ගුවන් සේවය, හොංකොං ගුවන් සේවය, කොරියානු ගුවන් සේවය, මැලේසියානු ගුවන් සේවය, සිල්ක් එයා ගුවන් සේවය සහ සිංගප්පූරු ගුවන් සේවය යන ගුවන් සේවා ඉදිරිපත් වී තිබුණි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය දකුණු ආසියානු කළාපයේ ශක්තිමත් සහ ස්ථාවර ගුවන් සේවා සපයන ආයතනය බවට පත්ව ඇති අතර , එය ඉන්දියාවේ ගමනාන්ත 11ක් වෙත සතියකට ගුවන් ගමන් මෙහෙයුම් වාර 121 සිදු කරයි.
මීට අමතරව මාලදිවයින වෙත සතියකට ගුවන් ගමන් මෙහෙයුම් වාර 21 ක් මෙන්ම මාලදිවයිනේ ගැන් දූපත වෙත එකම සහ ප්‍රථම ගුවන් ගමන් මෙහෙයුම් සිදු කෙරෙන ගුවන් සේවය බවටද ශ්‍රී ලන්කන් ගුවන් සේවය පත් වී සිටී.
මීට අමතරව බංග්ලාදේශයේ ඩකා , පාකිස්තානයේ කරච්චි සහ ඉස්ලාමාබාද් , නේපාලයේ කත්මණ්ඩු යන නුවර වෙත ඇති අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත ද ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරයි. එසේම යුරෝපය , මැදපෙරදිග සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 48 ක ගමනාන්ත 48 ක් වෙත සිය ගුවන් ගමන් මෙහෙයුම් වාර 108 ක් සතියකට සිදු කරයි.
ටී.කේ.ජී. කපිල
