ඉන්දියාවත් කොවිඩ් ආසාදිත 75,000ක සීමාව කරා ඇවිත්
ලොව දෙවැනි වැඩිම ජනගහනය ජීවත් වන රට ලෙස සැලකෙන අසල්වැසි ඉන්දියාවේ කොවිඩ්-19 ව්‍යාප්තය මේ වනවිට තරමක් වේගවත් වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය 75,000 සීමාවට ළඟාවී ඇති අතර, අද (13දා) අලුයම වනවිට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එම අගය දැක්වුණේ 74,292ක් ලෙසිනි.
එමෙන්ම මේ දක්වා ඉන්දියාවේ වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාවද 2,500 සිමාවට ළඟාවෙමින් අද අලුයම වනවිට 2,415ක් ලෙස සටහන් විය.
නව කොරෝනා වෛරසයට ගොදුරුව ඉන්දියාවේ මේ දක්වා සුවය ලබා ඇත පිරිස දැක්වෙන්නේ 24,420ක් ලෙසිනි.
ඉන්දියාවේ සමස්ත ජනගහනය මිලියන 1,352ක් වන අතර, ලොව දෙවැනියට වැඩිම ජනගහනයක් ජීවත් වන රට ලෙසත්, බොහෝ ජනකොටස් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කළ නොහැකි ජීවන රටාවක් ගෙවන නිසාත් වෛරසය හමුවේ ඉන්දියාවද දැඩි අර්බුදයකට මුහුණ දී සිටියි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

