ඉදිරි දින කිහිපයේදි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදි වැසි ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව බොහෝ පළාත්වලට සවස 2න් පමණ පසු හෙට දිනයේදි ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර, උතුරුමැද, වයඹ යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක් ඉක්මවා තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
