ඉදිරියේදී දේශීය ගුවන් සේවයක් අරඹනවා
ඉදිරියේදී දේශීය ගුවන් සේවයක් ආරම්භ කරන බවත් ඒ සඳහා දැනටමත් සමාගම් හතරක් ඉදිරිපත්ව ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අද (29දා)මඩකලපුව, මන්මුනෙයි පත්තු සහ එරාවුර් යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නව ගෙඩනැගිලි විවෘත කිරීමේ උත්සවයන්ට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
“මේ ප්‍රදේශයේ විශාල ලෙස පැතිරී යන සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම වෙනුවෙන් ඊයේ සහ පෙරේදා දින අප සාකච්ඡා කළා. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේදී එක් ගැටළුවක් තිබෙනවා. ඒ ගමනා ගමන ගැටළුවයි.
එම නිසා මේ ප්‍රදේශවල සංචාරක ගුවන් සේවාව ආරම්භ කිරීමට ඉඩ ලබාදීමට අපට තීරණය කර තිබෙනවා. එය ආරම්භ වූ විට මේ ප්‍රදේශයේ බොහෝ දෙනෙකුට සංචාරක ව්‍යාපාරය හරහා ජීවත් විය හැකියි. ඒ වගේම නැගෙනහිර සංචාරක සමය අවුරුද්දේ මාස 12 දක්වාම ව්‍යාප්ත කළ යුතුයි.
අපි මේ ප්‍රදේශයට නව ගුවන් තොටුපොළක් ලබාදෙනවා. එවිට අම්පාරට හෝ මඩකලපුවට ගමන් කිරීමට ගත වන්නේ පැය 02 ක් වැනි අඩු කාලයක්. ඒ හරහා සංචාරකයන්ට ආරුගම්බේ බලා යාමට හැකියි.
ඒ වගේම දේශීය ගුවන් සේවයක් ඇති කිරීමට අප ඉදිරියේදී කටයුතු කරනවා. එම වැඩකටයුතු සඳහාත් සමාගම් 4 ක් ඉදිරිපත් වී සිටිනවා. එය ඉක්මනින් ආරම්භ කිරීමට අප සූදානම්.”

popular news
-
Champa Sunday, 29 July 2018 09:45 PM
හූඌඌඌ . වටිනාකම කියන්න බැරි තරම් වටින ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් අපිව යටත් කරන්න බලන් ඉන්න විදේශීය රටකට විකුණලා දේශීය ගුවන් සේවයක් අරඹන්න අලුත් ගුවන් තොටුපොළවල් හදනවලු!!! කමක් නැහැ හදන්න පටන් ගන්න. මහජන මුදල්නේ. කොහොමටත් ඉතින් ඕව විවෘත කරන්න වෙන්නේ මහින්දට නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

