ඉදිරියේදී ඉන්දියාවට ලංකාවෙන් විදුලිය - දුමින්ද
ඉදිරියේදී ඉන්දියාවට ශ්‍රී ලංකාවෙන් විදුලිය ලබාදීමට අදහස් කරන බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවත් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
මන්නාරමේ සංචාරයකින් අනතුරුව ඔහු මේ බව පැවැසීය. මේ සඳහා පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.
“ඉන්දියාවට ඉතාම නුදුරුයි මන්නාරම.අපි ඉතිහාසයේ සිටම ඉන්දියාවෙන් විදුලිය ලබා ගැනීම, ඉන්දියාවට විදුලිය ලබා දීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා කරලා තියෙනවා.අපිට පුනර්ජනනීය බලශක්තිය වැඩි කර ගැනීමත් එක්ක අපිට හැකියාව තියෙනවා ඉන්දියාවට විදුලිය ලබා දෙන්න.ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී සාකච්ජා කරනවා” යැයි ඔහු පැවැසීය.
මෙරට විදුලි බල පද්ධතියට මෙගා වොට් 103 ක් එක් කිරීමේ අරමුණින් මන්නාරම ප්‍රදේශයේ මෙම සුලං විදුලි බලාගාරය ඉදි කෙරෙමින් පවතියි.මෙරට තුළ පුද්ගලික අංශය මගින් සුළං විදුලි නිෂ්පාදනය සිදු කළද, ලංකා විදුලි බල මණ්ඩලයට අයිති වන පළමු සුලං බලාගාරය මන්නරාම සුළං විදුලි බලාගාරයයි.
කිලෝ මීටර 12.5 ක් පුරා සුලං විදුලි බලාගාරයේ සුළං පෙති 33 ක් මන්නාරම වෙරළ තීරයේ සවි කිරීමට නියමිත අතර, එයින් 30 ක් පමණ මේ වන විට සවි කර අවසන් වී ඇත.
එම සුළං බළාගාරයේ විදුලි පද්ධතිය නුදුරේදීම ජාතික පද්ධතියට එක්කිරීමට නියමිත අතර තවත් මෙගා වොට් 300 ක් නිෂ්පාදනය සදහා අවශ්‍ය කටයුතුද මන්නාරමේ ආරම්භ කරන බව දුමින්ද දිසානායක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
popular news
-
sanjaya Monday, 05 October 2020 12:42 PM
isella lankawata dila hitahanko..naththan ekath sabeethage building eka wageda?
Reply : 0 0
Deepal Nirosh Monday, 05 October 2020 12:49 PM
මේ කතාව 1980 දශකයේ අප පාසල් සමයේ සාමාන්‍ය පෙළ සමාජ අධ්‍යයන පෙළ පොත්වල තිබුණා. ගුරුතුමිය ඒ විදියටම ඉගැන්නුවා. අපිත් විශ්වාස කළා. විභාගයේ දි ඒ විදියට උත්තර ලියල විභාග ඉහළින්ම පාස් වුණා. විශ්ව විද්‍යාලයට තේරුණා. එළියට ඇවිත් 2000 දශකය වන විට තමයි අපිට තේරුණේ මේවා ළමුන්ට ඉගැන්වීමට පමණක් පෙළ පොත්වල ඇතුළත් කළ උදාන වාක්‍ය බව. හැබැයි ඇමතිතුමා අපි දැන් ළමයි නොවෙයි. අද ඉන්න අපේ දරුවන් එදා හිටපු අපි නොවෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

