සිය පක්ෂය දැනට ආණ්ඩුවට ඉල්ලීම් කරන පක්ෂයක් බවට පත්වුවත් ඉදිරියේදී ආණ්ඩුවට කොන්දේසි දමන පක්ෂය බවට පත් කරවන බවත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ගාලු දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජී.ඩබ්ලිව්.ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද (8) උදේ ඌරගස්මංහන්දිය හිපන්කන්ද ප්රදේශයේ පැවති ජන හමුවකදී කීවේය.
ඌරගස්මංහන්දිය හිපන්කන්ද ශ්රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිතියේ ප්රතිසංවිධානය කිරීම නිමිත්තෙන් පැවති ජන හමුවකදී විජයලාල් මහතා එසේ කීවේය.
එහිදී තව දුරටත් කතා කළ විජයලාල් මහතා කීවේ ශ්රී ලංකා නිදහස් පක්ෂය නැති කරන්න පොහොට්ටුවද කටයුතු කළ නමුත් පොහොට්ටුවට තියා මේ රට කිසිම පක්ෂයකට ශ්රී ලංකා නිදහස් පක්ෂය නැති කරන්න බැරි බවය.
මේ ආණ්ඩුවේ ප්රබලම හවුල්කාර පක්ෂය ශ්රී ලංකා නිදහස් පක්ෂය වුවත් සිය පක්ෂයට නිසි තැන මේ ආණ්ඩුව ලබාදී නැති බවද ආණ්ඩුවෙන් නිරන්තරයෙන්ම සිය පක්ෂයට ලැබෙන්නේ අඩු සැලකිල්ල බවත් විජයලාල් මහතා කීවේය.
“රටේ ඇතැම් ප්රශ්න හා ගැටළු පිළිබදව අද අපේ පක්ෂයට කරන්න වෙලා තියෙන්නේ ඉල්ලීම් විතරයි.මේ රටේ ප්රශ්න හා ගැටළු වෙනුවෙන් නිරන්තරයෙන්ම අපේ පක්ෂය ජනතාව වෙනුවෙන් ඉන්නවා. ඒ නිසා ඉදිරීයේදී ආණ්ඩුවට ඉල්ලීම් කරන නොව කොන්දේසි දමන පක්ෂයක් බවට අපේ පක්ෂය පත් කරනවා. ඒ නිසා ජනතාවාදී පක්ෂයක් ලෙස නිසි කළ ආවාම නිසි ක්රියා මාර්ග අපි ඒ වෙනුවෙන් ගන්නවා.දැනට ඒ සඳහා කිසිම කළබලයක් හා හදිස්සියක් අපිට නැහැ.
දැන් දැන් ජනතාව විශ්වාසය තබා ඇත්තේ අපේ පක්ෂය සමග බව අපේ පක්ෂ ශාඛා සමිති ප්රතිසංවිධාන කටයුතුවලදී පෙනී ගියා.අපි කවදාවත්ම ජනතාව අපිට තිබූ විශ්වාසය කඩකරලා නැහැ.කඩ කරන්නෙත් නැහැ.හිටපු ජනපති අපේ පක්ෂයේ සභාපති මෛත්රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම සමග මේ රටේ ජනතාවගේ දැවෙන තැවෙන ගැටළු හා ප්රශ්න වෙනුවෙන් හැමදාම අපි පෙනී සිටිනවා”
කරන්දෙනිය සුසිල් ප්රියන්ත