ඉදිරියේදි ඉන්ධන මිල වැඩි විය හැකියි - බන්දුල
රටට අවශ්‍ය ආරක්ෂිත ඉන්ධන තොග මට්ටම ප්රශස්ත ලෙස පවතින බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15දා) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
ඉදිරියේදී ඉන්ධන මිල වැඩි වීමක් සිදුවේවිදැයි මාධ්‍යවේදීන් එහිදී ප්‍රශ්න කල අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ,
“අවශ්‍යයෙන්ම වැඩි වෙන්න ඕනෑ කියලා ඔබතුමාට තේරෙනවනේ. අපේ රටේ ඛනිජ තෙල් නිෂ්පාදනය කරන්නේ නෑ. දැනට අලාභ විදිමින් තමයි ඛනිජ තෙල් මිල තීරණය කරලා තියෙන්නේ. ගන්න මිල වැඩිනම් පාඩුව ජනතාව විසින් විදින්න වෙන්නේ. ඒ අනුව රජය විසින් ගැළපීමක් කරයි” යනුවෙනි.

popular news
-
Kumar Friday, 24 January 2020 10:56 PM
ඉන්ධන මිල වැඩි කරන්නේ නැහැ කියල කාර්ය බාර ඇමති කිව්ව්ව. ඊට ටික දිනකට පස්සේ තව ඇමති කෙනෙක් කියනවා ඉන්ධන මිල වැඩිවෙන්න ඉඩ තිබෙනවා කියල. බොරු මනස්ගාත කතා කරනවා කියන්නේ ඕකටද. ඔක්ටේන් 85 පැට්‍රොල් විකිණීමෙන් පැට්‍රොල් මිල පහතට දමන්න පුළුවන්. කැලිෆෝර්නියාවේ තිබෙන්නේ ඔක්ටේන් 92, 89, සහ 87 යන වර්ග තුනයි. මෙහෙ BMW වලටත් දමන්නේ ඔක්ටේන් 87 පෙට්රෝල්. මෙරට ඉන්න මෝට රථ ඉංජිනේරුවෝ කියන්නේ වහනයකට නිර්දේශ කර ඇති ප්‍රමාණයට වැඩ වැඩි ඕකටනේ පෙට්රෝල් දීමෙන් මුදල් ඉවත යනවතට පමණක් සිදුවෙනවා කියල. සින්ගප්පුරුවෙන්ද පැට්‍රොල් ආනයනය කරන්නෙ. මම කැලිෆෝනියාව ගැන කියන්නේ මෙහෙ තන්ක්ෂණය සම අතින්ම රටේ අන්ප්රදේෂවලට වැඩ උසස් නිසයි.
Reply : 0 0
ranjith Sunday, 26 January 2020 03:15 AM
විපක්ෂයේ ඉන්නකොට එක කතාවක් දෙන වෙන කතාවක් මේ ඔක්කොම බොරු ජනතාව රවටන ඒවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
