ඉතාලියේ විවෘත කෙරුණ පාසැල් ආශ්‍රිතවද කොවිඩ් ආසාදිතයින්
මැයි 1 දාට පසුව ඉතාලියේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයන් ඊයේ (18) දිනයේදි වාර්තා වු බවත් පසුගිය 14 දා සිට නව පාසැල් වර්ෂය සඳහා විවෘත කෙරුණ පාසැල් ආශ්‍රීතව කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමද සිදු වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මිලාන් එමිලියා රොමානියා වෙනෙතෝ ප්රින්තිනෝ ලාසියෝ සිසිලියා හා ලිගුරියා පළාත් වලින් පාසැල් ආශ්‍රීත කොවිඩ් ආසාදිත වාර්තා වීම් සිදු වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.
ඊයේ (18) ඉතාලියේ PCR පරික්ෂණ 99,027 ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 1907 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (18) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 10 ක් වාර්තා වි තිබේ.
චන්දන ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

