ඉතාලියේ දෛනික කොවිඩ් වාර්තා වීම ඊයේ තවත් ඉහළට
PCR පරික්ෂණ 67,371 ක් සිදුකර ඊයේ (23) දිනයේ ඉතාලියේදි කොවිඩ් ආසාදිතයන් 1,210 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (23) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 7 ක් වාර්තා වි තිබේ.
ඊයේ (23) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,437 ක් සමස්ත ආසාදිතයන් 259,345 ක් වාර්තා වු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ලොම්බාර්දියා ප්‍රාන්තය ඊයෙ වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තාවු ප්‍රාන්තය ලෙස එය 239ක් වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙලෙස වාර්තා වු කොවිඩ් ආසාදිතයන්ගෙන් බහුතරයක් විදේශ රටවල හා ඉතාලියේ නිවාඩු ගත කර නිවෙස් වලට පැමිණි පිරිස් බවට තහවුරු වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

