ඉතාලියෙන් දකුණු කොරියාවෙන් එනවනම් නැවත සිතන්න
නිවාඩු ගත කිරිම සඳහා ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට අත්‍යාවශ්‍යම කරුණකට නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට සැලසුම්කර ඇති ශ්‍රී ලංකා ජාතිකයන් නැවත ඒ පිළිබඳව සළකා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය.
පුවත්පත් ප්රවෘත්ති කර්තෘවරුන්න, විශේෂාංග කර්තෘවරුන්, කාටූන් ශිල්පීන් ඇතුළු පිරිසක් සමග පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
දින 21ක නිවාඩුවක් ගත කිරීම සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණියත් එම රටවලින් පැමිණෙණ ජනතාව දින 14ක නිරෝධායනයකට ලක්කිරීමට මේ වන විටත් සැලසුම්කර ඇති හෙයින් ඔවුන්ගේ පැමණීම එතරම් ඵලදායි නොවන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
popular news
-
Champa Sunday, 08 March 2020 10:05 PM
අගමැතිතුමාගේ කතාව හරි. එතුමා කවදාවත් බාල ජනප්‍රියත්වය වෙනුවෙන් කතා කරන්නේ නැහැ. කතා කරන්නේ රටම වෙනුවෙන්. රට ගැන හිතුවොත්, ඇත්තටම කිව්වොත් මෙහෙම කියන්න වෙනවා. මේ වෙලාවේ ආවොත් ලංකාවේ ඉන්න තමන්ගේ පවුල්වල අය විතරක් නෙමෙයි රටේ අනිත් ජනතාවටත් මේ හින්ද ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. රෝගය හැදුනු අයව රැක බලාගන්නවා වගේම මේ රෝගය පැතිරීමත් වලක්වා ගන්න තමන්ට පුළුවන් දායකත්වය දෙන එක සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම යුතුකමක්. ඒ හින්ද මේ වෙලාවේ කොරෝන ආසාදනය නොවුනත් කොරෝනා තියෙන රටවල් ඉඳන් ලංකාවට එන එක කල් දැම්ම නම් හොඳයි. කොරෝන තදින් පැතිරිච්ච සමහර රටවල කියනවා සල්ලි, ඒ කියන්නේ කාසි සහ නෝට්ටු වුනත් පාවිච්චි කරන්න එපා ඒවා අතපත ගන්නේ නැතුව පුළුවන් තරම් කාඩ් පාවිච්චි කරන්න කියල. ඕනෑම බෝවෙන ලෙඩක් වලක්වා ගන්න පෙරුම්කායම් හොඳ බෙහෙතක් බව හැම සිංහලයෙක් දන්නවා. කොරෝනා තදින් පැතිර ඇති රටවල ඉන්න අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයන්ට අපි නිරෝගී සුවය පතන ගමන්, අගමැතිතුමා රටේ ජනතාව, විශේෂයෙන් දරුවන් සහ වැඩිහිටියන් ගැන හිතල කරලා තියෙන මේ අති මානුෂික ඉල්ලීම අනුව වැඩ කරන්න කියලා කියන්න කැමතියි.
Reply : 5 3
Hemantha Thursday, 12 March 2020 02:43 PM
එතකොට අගමැතිතුමා නිවාඩුවට ගිය චීන්නු බුරුතු පිටින් ලංකාව නිදහසේ ආවට කමක් නැද්ද?
Reply : 0 0
Devinda Uduwara Thursday, 12 March 2020 11:01 PM
China is not in your list? Impunity only for China?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
