ඉතාලියට ඇතුළු විමේ තහනම තවත් කල් යයි
දකුණු ආසීයානු කලාපයේ පවතින නව කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග ඉකුත් අප්‍රේල් (29) දා සිට ලංකාවට ඇතුලු රටවල් කීපයක සිට ඉතාලියට ඇතුල්වීමට තිබු ගුවන් මගි තහනම තවත් සති 3 න් එනම් එළඹෙන ජුනි 21 දක්වා දීර්ඝ කිරිමට ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (29) තීරණය කර තිබේ.
මෙම ගුවන් මගි තහනම අද (30) දිනයෙන් අවසන්වීමට තිබු නමුත් ශ%sලංකාව ඉන්දියාව හා බංගලදේශය යන රටවල කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥ උපදෙස් මත මෙම ගුවන් මගි තහනම දීර්ඝ කිරිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම ගුවන් මගි තහනම ශ%sලංකාව ඉන්දියාව හා බංගලාදේශය යන රටවල සිට ඉතාලියට පැමිණෙන ඉතාලි පුරවැසිභායන්ට හා පුරවැසිභාවය ලබා සිටින විදේශිකයන්ට බල නොපාන බවත් ඔවුන්ට ඉතාලියට ඇතුලු වි දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලයක් සඳහා ඉතාලි රජය විසින් නොමිලේ පහසුකම් සලසා ඇති නිරෝධායන හෝටල් සඳහා යොමු කෙරෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
