ඉතාලියේ අවු.80ට වැඩි අයට එන්නත විදීම ආරම්භ කරයි
වයස අවුරුදු 80ට වැඩි පුරවැසියන්ට ඉතාලිය එන්නත් කිරීම ඊයේ (08දා) ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරන්සා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියයි.
"වසංගතයෙන් වැඩිපුරම පීඩාවට පත්ව සිටින වැඩිහිටියන් ආරක්ෂා කිරීම සඳහා අපගේ කැපවීම අඛණ්ඩව පවතිනවා" ස්පෙරන්සා සඳහන් කළේය.
වැඩිහිටි පුද්ගලයින්ට එන්නත ලබාදීම පෙබරවාරි මස මුලදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ නමුත් ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩෙර්නා වෙතින් මාත්‍රා අඩු වීම නිසා එය ප්‍රමාද වී තිබේ.
මේ අතර, ඉතාලිය එහි බොහෝ යුරෝපීය සංගමයේ සෙසු රාජ්‍යයන් මෙන්ම, වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයන් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අනුමත කර නැත.
ඉතාලිය ප්‍රථම වරට වෛද්‍ය හා රෝහල් කාර්ය මණ්ඩලයට මෙන්ම සත්කාරක නිවැසියන්ට සහ කාර්ය මණ්ඩලයට එන්නත් කිරීම ආරම්භ කළේ දෙසැම්බර් 31 වැනිදාය.
කොවිඩ් එන්නත දැනට ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1,147,256ක් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි. ඉතාලියේ ජනගහනය මිලියන 60ක් පමණ වේ.


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
