ඉටුකම COVID - 19 අරමුදලේ ශේෂය රු.මිලියන 1250 ඉක්මවයි
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1250 ඉක්මවා තිබේ.
“Drive in Concerst”ප්‍රසංගයේ ප්‍රවේශපත් අලෙවියෙන් ලද මුදල් එකතුව භාතිය සංතුෂ් මහත්වරුන් ප්රමුඛ සංවිධායක මණ්ඩලය විසින් අද (08) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබිණ.
නීතීඥ ධනංජය අබේවර්ධන මහතා රුපියල් 100,000ක්, සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහනය අධිකාරිය රුපියල් 226,919.67ක්, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය රුපියල් 1,450,484ක්, උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහනය අධිකාරිය රුපියල් 158,746.53ක් අරමුදලටපිරිනමා තිබෙන අතර අදාළ චෙක්පත් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක සද්ධර්ම කීර්ති ශ්‍රී පූජ්‍ය මාවතවැව ගුණානන්ද නාහිමි රුපියල් 100,000ක්, SJ Motors ආයතනය රුපියල් 30,000ක්, Isuru Traders (Pvt) Ltd ආයතනය රුපියල් 200,000ක්, The Colombo Plan ආයතනය රුපියල් 1,832,500ක් සහ රොහන්සා හෙට්ටියආරච්චි දියණිය රුපියල් 7,500ක් අරමුදලට පිරිනමා තිබේ.
දැන් ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,250,306,569.16 කි.

popular news
-
Api wenuwen api Tuesday, 09 June 2020 02:08 AM
Mata kauru hari kiyanawada meke ilakkama penna penna salli ekathukaranne mokatada kiyala. Mata penne mekatath "api wenuwen api " aramudalata wechche wage. Katada danne naha me"yuthukama" itukaranna kiyanne.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

