ශ්‍රී ලංකාවේ සෘණාත්මක පාර්ශ්වය (නරකම පැත්ත) ගැන පමණක් විශ්වාසය තබා රටට එරෙහිව දැඩි දඬුවම් පැමිණවීම සාධාරණීකරණය කිරීමේ අභිලාෂයක් පැවති බවත්, දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නිශා දේසායි බිස්වාල් මහත්මිය බලහත්කාරයෙන් මෙන් සිදුකරන ලද මෙම සංචාරයෙන් එය පැහැදිලි වන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
නිශා දේසායි බිස්වාල් මහත්මිය සිය සංචාරය නිමකරමින් මාධ්‍ය වෙත පළකළ අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිරීක්ෂණය ඉදිරිපත් කරමින් මෙසේ පෙන්වා දී තිබේ.
ආගමික නුරුස්සීම හෝ ප්‍රතිසංධානය සහ වගකීම පිළිබඳව සිදුකරන කටයුතුවල ප්‍රගතිය, එනම් උගත් පාඩම් හා ප්රතිසංධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වේගය ප්‍රමාණවත් නොවේ යැයි කරනු ලබන ප්‍රකාශය සඳහා යුක්ති සහගත හේතූන් ඉදිරිපත් කොට නොමැති බවත්, සිවිල් සමාජ ආයතනයක් මගින් 2008දී සිදුකරන ලද ජනලේඛණයක් පදනම් කරගනිමින් අවතැන් වූවන්ගේ සංඛ්‍යාව 40,000ක් යැයි මෙරට සංචාරයක නිරත එක්සත් ජනපද නිලධාරියෙකුට එත්තු ගැන්වීම තුළින් අස්වාභාවික අන්දමින් කටයුතු කර ඇති බවත් අමාත්‍යාංශය පවසයි. තවද, අගතිගාමී ක්‍රියාමාර්ගයක් සඳහා බලපෑමක් ඇති කිරීම සඳහා වගකීමෙන් තොරව කරන නොසැලකිලිමත් ප්‍රකාශ උපයෝගී කරගනු ලැබ ඇති බවද අමාත්‍යාංශය වැඩිදුටරත් පෙන්වා දෙයි.