ඇලෝසියස්ගේ වාට්ටුවෙන් දුරකථන සහ සිම්පත් හමුවෙයි
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
ඒ එම නඩුව අද (05දා) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ විභාගයට ගැනුණු අවස්ථාවේදීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ලසන්ත කෝදාගොඩ මහතා කරුණු දක්වමින් කියා සිටියේ, 2018-06-29 වැනිදා බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම සැකකරුවන් රැඳී සිටි වාට්ටුව පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබී දුරකථන 03ක් හා සිමි කාඩි 05ක් හමුව ඇති බවයි.
සොයා ගත් දුරකථන අතරින් එක් දුරකථනයක් අර්ජුන් ඇලෝසියස් මහතා සිටි කොට්ටය හා මෙට්ටය අතර සඟවා තිබී ඇති බවත් එහිදී අනාවරණ කරගෙන තිබේ.
ඒ අතර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් මහතාට සහ එම සමාගමේ අධ්යක්ෂවරුන් 6 දෙනෙකුට විදේස්ගත වීමේ තහනමක්ද මහේස්ත්‍රාත්වරිය විසින් නියම කර තිබේ.

popular news
-
Ruwan Thursday, 05 July 2018 04:32 PM
රනිල් මහත්තයෝ, කවදද 2015 ට ප්‍රථම වුනු බැඳුම්කර ගැන සොයන ජනාධිපති කොමිසමේ වැඩ පටන් ගන්නේ. මොවුන් හදන්නේ 2019 අවසන් වනතුරු මේකම පට්ට ගගහ තියාගෙන ඉන්න. එම නිසා මිට පෙර බැඳුම්කර ගැනත් වසරකින් සොයා නිමකර ගැනීමට කඩිනම් පියවර ගන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

