ඇල්ල පහරදීමට එරෙහිව සංවර්ධන නිලධාරීන් උද්ඝෝෂණයේ
ඇල්ල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව සිටි සංවර්ධන නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියට විරෝධය දක්වා බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් අද (06) දහවල් බදුල්ල ඌව පළාත් සභාව ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණයක නිරත වූහ.
ඉකුත්(03)දා ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේදී සිදුවූ බව පැවසෙන අදාළ පහරදීමට ලක්වූ එම මධ්‍යස්ථානය භාරව කටයුතු කළ සංවර්ධන නිලධාරී ඉන්දික සෙනෙවිරත්න නම් අය මේ වනවිට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් එහෙත් මේ වන තුරුත් සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුවට ගෙන නොමැති බවත් උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.
රාජ්‍ය සේවයට කරන දේශපාලන අතපෙවීම් නවතන ලෙසත් පහර කෑ නිලධාරියාට සාධාරණය ඉටුකරන ලෙස හා සැකකාර ප්‍රාදේශිය සභා සභාපතිවරයා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.
රාජ්‍ය සේවයට දේශපාලන අත පෙවීම් වහා නවතනු, රාජ්‍ය සේවයට බලපෑම් කරන ජඩ දේශපාලනය හෙලාදකිමු, මැර සභාපතිගේ අමන ක්‍රියාව හෙලා දකිමු, මැර ප්‍රහාරය එල්ල කළ සභාපති වහා අත්අඩංගුවට ගනු වැනි පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතා පාඨ කියමින් ඔවුහු පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූහ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

