ඇමෙරිකාවෙන් SDB වෙත රු.මි 8000ක ණයක්
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරලට රුකුල් දීමට හා කාන්තා ව්‍යවසායකයන් වෙත සහාය ලබාදීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ සණස සංවර්ධන බැංකුව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක (ආසන්න වශයෙන් රු මි 8000) ණයක් ලබාදී තිබේ.
එක්සත් ජනපදයේ සංවර්ධන මූල්‍ය සංස්ථාව විසින් මෙම ණය මුදල් ලබා දී තිබේ.
එම මූල්‍ය සංස්ථාව විසින් සණස සංවර්ධන බැංකුව, DFCC බැංකුව හා NDB බැංකුව ඇතුළු බැංකු වෙත ලබාදෙන ඩොලර් මිලියන 265ක ණය මුදලින් කොටසක් මෙසේ SDB බැංකුව වෙත ලබාදී තිබේ.
මෙම ඩොලර් මිලියන 40 මගින් රු ලක්ෂ 5 සිට රුපියල් මිලියනය දක්වා ණය 1400ක් ලබාදීමට දැමලුම් කර තිබේ. ණය මුදල් වලින් සියයට 40ක් කාන්තාවන්ට හිමි හෝ කාන්තාවන් සවිබල ගන්වන භාණ්ඩයක් හෝ සේවාවක් සපයන ආයතන වෙත ලබාදීමට නියමිතය.
popular news
-
rocky Thursday, 16 September 2021 06:54 PM
Sri Lankaawata naya denna Americawata ayithiyak naha kiyala dan Cheennu gorawanna uluwani!
Reply : 0 0
අංජලි Thursday, 16 September 2021 07:42 PM
සණස අපෙන් ගසා කාපු සල්ලි ඔය ණය මුදලෙන් ගෙවා දැමුවනම් වඩාත් හොඳයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

