ඇමෙරිකාවෙන් රු.මිලියන 13ක් කොවිඩ් පරික්ෂණ කට්ටල පරිත්‍යාගයක්
ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් රුපියල් මිලියන 13ක් වටිනා PCRපරික්ෂණ කට්ටල 4700 ක් අද දින (25) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාරදීම සිදු කරන
ලදි.
ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාවෙත ඉන්දු-පැසිෆික් වර්ධන කණ්ඩායම් අධ්යක්ෂ Bradley Elder මහතා විසින් සෞඛ්‍ය
අමාත්‍යාංශයේ දී සංකේතවත්ව එම ප්රදානය ලබාදෙන ලද අතර, ප්‍රාථමික සෞඛ්‍ය සේවා,වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දු
පුල්ලේ මහත්මිය ද සහභාගි විය.
කොවිඩ් වෛරසයේ ව්‍යාප්තියේ ආරම්භයේ සිට ඇමරිකානු රජය මෙරට කොවිඩ් රෝග පාලනකටයුතු සදහා සහයෝගය ලබාදුන් බවත්, ඉදිරියටත් දෙරට අතර සබදතා තවත් වර්ධනය කර
ගනිමින් කොවිඩ් මර්දන කටයුතු සදහා ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බව ද මෙම ප්රදානය ලබාදෙමින් Bradley Elder මහතා සදහන් කරන ලදි.
popular news
-
Rocky Tuesday, 25 May 2021 03:09 PM
meya pili ganeemata Janaadhipathi thumaa idiripath welaa naha ne! Aemican kaarayo, Cheennu novana hindaa wennathi!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

