ඇමෙරිකානු, පැසිපික් කලාපීය හමුදා ප්රධානී ජනරාල් රොබට් බ්රවුන් (Robert Brown) මහතා ඇතුළු දූත පිරිසක් සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (23) අරලියගහ මන්දිරයේදී සිදුව තිබේ.
එම දූත පිරිසට ශ්රී ලංකාවේ අැමෙරිකානු වැඩබලන තානාපති රොබට් හිල්ටන් (Robert Hilton), තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ නිලධාරිනී ජොආනා එච්. ප්රිචර්ට් (Joanna H Prichett) යන මහත්ම මහත්මීන් සහ ශ්රී ලංකාව වෙනුවෙන් අග්රාමාත්ය ලේකම් සමන් ඒකනායක, ශ්රී ලංකා හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක, මේජර් ජනරාල් එම්.එම්.එස්. පෙරේරා යන මහත්වරුන් සහභාගි වී තිබේ.

