හලාවත ඉරණවිල පිහිටි“ඇමරිකන් හඬ” (Amarican Voice) සම්ප්‍රේශණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය භූමියේ ඇති ගොඩනැගිලි කොරෝනා වෛරස් ආසාදිතයින්ට (COVID-19) ප්‍රතිකාර සිදු කරනු ලබන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
අමාත්‍යවරිය මේ බව පැවසුවේ එම ස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීය.
මෙම ස්ථානය සැකසීමෙන් පසු, එහිදී රෝගීන් 50 කට පමණ ප්‍රතිකාර කිරීමේ හැකියාව හිමිවේ. මෙහි විශාල ප්‍රමාණයෙන් යුත් ගොඩනැගිල් 04 ක් ද ස්ථාපිත කර තිබේ.