කොවිඩ් - 19 පාලනය සදහා මේ වන විට රජය හා සෞඛ්‍ය අංශ ගෙනයනු ලබන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කිරීමට ඇමරිකාවේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර වෛද්‍ය සේවා සංවිධානය (International Medical Health Organization (IMHO) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 3.1 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් අද දින (01) සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කෙරිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා විසින් ඇමරිකාවේ සිටින ඔහුගේ මිත්‍රයන්ගෙන් කළ ඉල්ලිමකට අනුව ඔවුන් විසින් පෞද්ගලිකව එකතු කරන ලද මූල්‍ය ප්‍රතිපාදන මත මෙම වෛද්‍ය උපකරණ තොගය පරිත්‍යාග කිරීමට කටයුතු යොදා තිබිණි.
මෙම වෛද්‍ය උපකරණ අතර KN 95 මුව ආවරණ, පුද්ගල ආරක්ෂක ඇදුම් , CPAP යන්ත්‍ර, හුමාලක යන්ත්‍ර (Nebulizer), Active Oxygen, අත්සේදුම් දියර, මුහුණු ආවරණ, ශල්‍ය අත්ආවරණ, vocsn pro, Millennium M10 Concentra ඇතුළු කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා වන අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ රාශියක් විය.
