ඇමෙරිකාවේ සිටි ලාංකිකයන් 18ක් පිටුවහල් කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ වලංගු වීසා කාලය ඉක්මවා තවදුරටත් එරට රැදී සිටි ශ්රී ලාංකිකයන් 18 දෙනෙකු, එරටින් පිටුවහල් කර ඊයේ (18දා) රාත්රී කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
ඔවුන් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර සිට කෙන්යාවේ නයිරෝබි නුවර හරහා , කෙන්යානු ගුවන් සේවයේ කේ.කිව්.- 228 දරන ගුවන් යානයෙන් 9/18 දින රාත්රී 11.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව , ඔවුන් මේ වනවිට නිරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ. ඒ ආකාරයට මෙම පිරිස නිරෝධායන වීමෙන් දින 21 කට පසුව මොවුන්ගෙන් ප්රකාශ ලබා ගැනීමට නියමිතය .
popular news
-
Demuni Uduwara Saturday, 19 September 2020 11:46 PM
As there is no future here they might have migrated.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

