ඇමෙරිකාවේ රැකියා විරහිත පිරිස ලක්ෂ 32ක් වෙයි
නව කොරෝනා වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා ආයතන හා ව්‍යාපාර වසා දැමීම නිසා ඇමෙරිකානුවන් මිලියන 3.3ක් පසුගිය සතියේ ඔවුන්ගේ විරැකියා හිමිකම් ප්රතිලාභ සඳහා ඉල්ලුම් කර තිබේ.
ඇමෙරිකාවේ කම්කරු දෙපාර්තමේන්තුවට අනුව මෙම රැකියා විරහිත හිමිකම් ප්රතිලාභ සඳහා වූ ඉල්ලීම් මාර්තු 21න් අවසන් සතිය තුළ මිලියන 3.28 දක්වා ඉහළ ගොස් ඇත.
කම්කරු දෙපාර්තමේන්තුව විසින් 1967 දී දත්ත සොයා ගැනීම ආරම්භ කළ දින සිට ඉතිහාසයේ වැඩිම රැකියා විරහිත හිමිකම් ප්රතිලාභ ඉල්ලීම් සංඛ්‍යාව මෙය බව එම දෙපාර්තමේන්තුව පවසයි. මීට පෙර 1982 ඔක්තෝබර් 02දායින් අවසන් සතිය තුළ ගොනු කරන ලද හිමිකම් ඉල්ලීම් 695,000 කි.
මෙම සංඛ්‍යාව ඊට පෙර සතියේ පැවති හිමිකම් 282,000 සිට විශාල වැඩිවීමක් බවද කම්කරු දෙපාර්තමේන්තුව පෙන්වා දෙන අතර, කොරෝනා වසංගතයට පෙර, මෙම හිමිකම් සෑම සතියකම 200,000කට වඩා අඩු මට්ටමක පැවතුන අතර එය ශක්තිමත් රැකියා වෙළෙඳ පොළක් පිළිබිඹු කරන තත්ත්වයක් බව කියයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

