කොවිඩ්-19 ආසාදිතව සති කිහිපයක් රෝගාතුරව සිටි එක්සත් ජනපද කොංග්රස් සභික රොන් රයිට් ජීවිතක්ෂයට පත්වූ බව ඔහුගේ කොංග්රස් කාර්යාලය නිවේදනය කරයි.
වසර ගණනාවක් පුරා පිළිකාවක් සමග පොරබදමින් සිටි 67 හැවිරිදි ටෙක්සාස් රිපබ්ලිකන් පාක්ෂිකයා ජනවාරි 21 වැනි දින කොවිඩ්-19 ආසාදනය වීමෙන් පසු රෝහලට ඇතුළත් කරනු ලැබීය.
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් එක්සත් ජනපද කොංග්රසයේ දිවි අහිමි වූ පළමු සභිකයා ඔහුය.