ඇමති හකීම්ට එරෙහිව පරීක්ෂණ පවත්වන්න දෙන්නේ නෑ
අමාත්‍ය රවුෆ් හකීම් මහතාට එරෙහිව කැබ්නට් මණ්ඩලයේ සාමුහික වගකීම කඩ කළැයි යනුවෙන් කිසයම් වූ පරීක්ෂණයක් ඉටු පැවැත්වීමට ඉඩ නොදෙන බව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවැසීය.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට මෙවර ජනාධිපති අපේක්ෂකම ගන්නා බවත් විධායක ජනපතිධුරය අහෝසි කිරීම මේ අවස්ථාවේදී සුදුසු නොවන බවත් ඇය සඳහන් කළාය.
“අද වන විට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වෙලා තියෙනවා අපි සියලු දෙනාම ඡන්දයකට ලෑස්ති වෙලා ඉන්න වෙලාවක විධායකය අහෝසි කරන්න මේ වෙලාවේ අපි කැමති නැහැ.අපි මේ ජනාධිපතිවරණයට යන්නේ ඉතා කැමැත්තෙන් අපිට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්.විධායකය මේ වෙලාවේ අහෝසි කරන්න යන එකට එක්සත් ජාතික පෙරමුණේ සුළු පක්ෂත් විරුද්ධයි.
අපි කැබ්නට් රැස්වීමට කලින් අරලියගහ මන්දිරයේදී අමාත්‍යවරු රැස් වුණා.එතනදිත් අපි විරුද්ධ වුණා.ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණු අමාත්‍ය මණ්ඩල රැසිවීමේදීත් අපි ඒකට අමාත්‍යවරු කිහිප දෙනෙක් හැර අනිත් අමාත්‍යවරු විරුද්ධ වුණා.
අපි විධායකය අහෝසි කරන එක ගැන මේ ජනාධිපතිවරණයෙන් පස්සේ ප්‍රකාශයට පත් කරන්නම්.දැන් මේ වෙලාවේ ඒකට අවස්ථාව නෙමෙයි කියන එකයි අපේ අදහස.
ඊයේ අපි කැබිනට් මණ්ඩලයේදී මේකට දැඩිව විරුද්ධ වුණා.අනික විධායකය ඉවත් කරන්න නම් තුනෙන් දෙකක බලයක් ඕන .මේ වෙලාවේ ඒක ලැබෙන්නේ නැහැ.කවුද මේක ගෙනාවේ කියලා නම් අපි දන්නේ නැහැ.”
popular news
-
Dayan Saturday, 21 September 2019 07:10 AM
එතකොට ඔයාල අපේ චන්දෙ ගත්තේ ඕක නැති ක්‍රරනවා කියල නේද? බොරු කාරයෝ අපේ බදු වැලින් සැප විදින අය. අපි රවට්ටලා එයාලගේ දේවල් කර ගන්නවා. එන්නකෝ චන්දෙට.
Reply : 0 0
sahaya. Uduwara Saturday, 21 September 2019 05:56 PM
Where is a collective responsibility of a minister. Not ethical.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

