ඇමති ඩලස් තනියම වැඩ අරඹයි?
නව රජයේ විදුලි බල අමාත්‍යවරයා ලෙස පත්විම් ලද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වැඩ භාර ගැනිමේ අවස්ථාව කිසිවෙකුත් සම්බන්ධ කර නොගනිමින් සිදුකර තිබේ.
එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම්වරිය වන වසන්තා පෙරේරා මහත්මිහ පමණක් සහභාගී ඇති බව වාර්තා වෙයි.
සාමාන්‍යයෙන් අමාත්‍යවරුන් වැඩ භාර ගැනීමේ අවස්ථාවට අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්, පවුලේ උදවිය මෙන්ම ආධාරකරුවන් එක්වෙයි.
popular news
-
Champa Wednesday, 19 August 2020 08:36 PM
ඩලස්ට මගේ උණුසුම් සුබපැතුම්. දැකපු හොඳම පින්තූරේ. ඉස්සරම ඉස්සර ඇමතිවරු තනතුරු බාර ගන්න එන්නේ තනිවම. පස්සේ තමයි පිරිවර අරන් එන්න පටන් ගත්තේ. කවදා ඉඳන්ද මට මතක නැහැ. කරන්නන් වාලේ කරන්නේ නැතුව, මේ විදිහට රජයේ කාර්යාලයයි පුද්ගලික ජීවිතයයි අතරේ පැහැදිලි ඉරක් ඇඳලා වෙන් කරගන්න බුද්ධිමත් මහජන සේවකයන් දැනගත යුතුයි. මේ වැඩේ නම් හරිම ආදර්ශමත්. ඩලස්ට අධ්‍යාපන ඇමතිකමම නොදුන්නු එක ගැන කණගාටුයි. ඒ තනතුරේ වැඩ කල කෙටි කාලයේදී ඩලස් හොඳ තීරණ ගත්ත. විදුලිබල ඇමතිකම දෙන කොටම ලයිටුත් කපලම දීල තියෙනව. මෙච්චර කල් විදුලිය තිබිල අලුත් ඇමතිවරයා වැඩ පටන් ගන්න කොටම විදුලිය නැතිවීම කඩාකප්පල්කාරී වැඩක්. බව ලංකා දේශපාලනය ගැන දන්නා ඕනේ කෙනෙකුට තේරෙනවා. ඊළඟට අපොස (උපෙළ) දරුවන්ගේ විභාග එනවා. මේ වගේ වැඩ කරන්නේ ඩලස්ට එරෙහිව නෙමෙයි. මේ රටේ ජනතාවට එරෙහිව. ඩලස්ට දීපු ඇමතිකම අභියෝගයක් වෙන්නේ වැස්ස නැතිකම නිසා හෝ යන්ත්රසූත්ර වල වැරැද්දක් නිසා නෙමෙයි. නමුත් ඇමතිවරයා විදිහට ඔබට කරන්න දෙයක් නැහැ. බලය තියෙන්නේ විදුලිබල මණ්ඩලයේ දේශපාලනීයකරණය වුනු දූෂිත ඉංජිනේරුවන්ට. විභාග ලංවෙනකොට තත්වේ බරපතල වෙන්න පුළුවන්. Contd'...
Reply : 0 0
well wisher Thursday, 20 August 2020 08:50 AM
normally I do not appreciate most of their works because the majority of them are media show. But I appreciate this and looking forward to seeing more progress in this ministry. Throughout the last many decades, generation plan was discussions. IT is hard to see the construction of proposed power plants happening without any unwanted delays. They were far beyond than planned and because of that, the entire nation got suffered. Let's expect this one can handle it well and make CEB profitable and not a burden to taxpayers. One big disadvantage for him is the lack of knowledge in the field but there are many smart ways to manage it. Most important thing is to have a reliable knowledgeable adviser from the field who does not get easily a victim of private power plant mafia especially inside the CEB itself. Most of the leading officers/ engineers inside the CEB are hidden shareholders, benefices and commissioners investors and owners of the private power plant.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

