ඇමති බදියුදින්ගේ සොහොයුරුගේ නිවස හදීසි සෝදිසි පරික්ෂාවකට ලක් කරයි
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු මෙන්ම හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන රිෆ්කාන් බදියුදීන්ගේ මන්නාරම් තාරාපුරම්හි පිහිටි නිවස අද (06) හදිසි සෝදිසි පරීක්ෂාවකට ලක් කල බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය සඳහන් කොට සිටියි.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි 54 වන සේනාංකයේ යුද හමුදා සෙබළුන් හා මන්නාරම් පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මෙම සෝදිසි මෙහෙයුම දියත් කොට ඇති අතර අද උදෑසන සිට දහවල් වන තුරු මෙය සිදු කොට ඇත.
තාරාපුරම්හි පිහිටි රිෆ්කාන් බදියුදීන්ගේ නිවස පරික්ෂා කළද එහි තිබී සැකකටයුතු කිසිවක් හමු වී නොමැති අතර පසුව තාරාපුරම් ගම්මානය හා අවට තිබූ තුර්කි නගර් ගම්මානයද සෝදිසි පරික්ෂාවකට ලක් කරන ලදි.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්නාරමට පැමිණෙන අවස්ථාවේදී තාරාපුරම්හි පිහිටි රිෆ්කාන් බදියුදීන්ගේ නිවසේ රැඳී මැතිවරණ කටයුතු හා මහජන හමුවීම් ආදි කටයුවල නිරත වෙයි.
කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ සොහොයුරාගෙ නිවස පරික්ෂා කරන අවස්ථාවේදී සොහොයුරාද නොසිට ඇති අතර එහි සිට ඇත්තේ සේවකයින් කිහිපදෙනෙකු පමණකි.

popular news
-
sg Monday, 06 May 2019 11:27 PM
මොහු අංක එක
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

