ඇමති පාඨලී ජනතාවගෙන් සමාව ඉල්ලයි
සිදුවූ වැරැද්දෙන් කිසිවෙකුටත් තවදුරටත් ආරක්ෂා විය නොහැකි බව ඇමති චම්පික රණවක මහතා පවසයි. රජයේ අමාත්‍යවරයෙකු වශයෙන් තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් තමන් ඒ පිළිබඳව අතිශය ලැජ්ජා වන බවත් ප්‍රකාශ කළේය.
අද (25දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
එසේම ජාතික තවුහිද් ජමාද් ව්‍යාපාරය හා අනුබද්ධ සංවිධාන තහනම් කර සාමාජිකයන් අත්අඩංගුවට ගත යුතු බවත්, නිකාබ් හා බුර්කාව පැළඳීම තහනම් කළ යුතු බවත් ශරියා විශ්ව විද්‍යාල, මද්රාසා පාසල් සියල්ල රජයේ ප්‍රතිපත්තීන්ට අනූකූල නියාමනයකට යටත් කළ යුතු බවත් ඔහු පැවැසීය.
එසේම ඉස්ලාමීය අන්තවාදය පරාජය කිරීම සඳහා රජයට සහ ඉස්ලාම් සමාජයට විශේෂ යෝජනාවලියක්ද ඔහු ඉදිරිපත් කළේය.




popular news
-
කපිල Thursday, 25 April 2019 10:13 PM
මම ඔබතුමාට මනාපයක් දීම සඳහාම උන්ප් එකට චන්දය දුන්න කෙනෙක්. එහෙත් මම දැන් හිතනවා ගත්ත තීරණය වැරදිය කියල. UNP ආණ්ඩුවක් නොතිබුනා නම් මෙවැනි විපතක් වෙන්නේ නෑ. ඔබ තව දුරතත් UNP එක ඇතුලේ ඉන්න යනවනම් අබ සරණයි. ලබන චන්දෙදි ඇපත් නෑ.
Reply : 0 0
Champa Thursday, 25 April 2019 10:59 PM
සමාව? සිංහල දේශපාලකයෝ දැන දැනම මුස්ලිම් ත්රස්තවාදීන් ලව්වා සිංහලයන් මරල දැම්ම. මැරිච්ච සහ තුවාල වෙච්ච ගාන 1000 කට කිට්ටුයි. ඉස්පිරිතාලේ නොගින් ගෙදර ගියපු මිනිස්සුත් ඉන්නවා. වලවල් වල වැටෙන අලිත් මිනිස්සුන් මහන්සි වෙලා කඹ දාල ගොඩට අරන් බේරා ගන්න රටේ, තුවාල වෙච්ච කුරුල්ලන්වත් ගෙනත් සාත්තු කරලා ජීවිත බේරා ගන්න රටේ, මරන්න ගෙන යන හරකුන්වත් සල්ලි එකතු කරලා බේරා ගන්න රටේ, ජනාධිපති අගැමති ඇතුළු මැති ඇමතිවරු දැන දැනම මිනිස්සු මැරෙන්න ඉඩ හැරිය. අපට දැනෙන පිළිකුල සහ වේදනාව කියන්න වචන නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

