ඇමතිවරුන් වැඩිකළ හැක්කේ ජනපතිට පමණයි - ගම්මන්පිල
ඇමති ධූර ගණන 48 දක්වා වැඩි කරගෙන එජාප පසුපෙළට අවුරුදු තෑගි බෙදන්න එජාප නායකයෝ මේ දිනවල සිහින දකිනවා. මේ අය හිතාගෙන ඉන්නේ ඇමතිධූර 48 දක්වා වැඩි කිරිමේ යෝජනාවක් සම්මත කරගත්ත පමණින් ඇමතිධූර වැඩිකර ගන්න පුළුවන් කියලයි.
මේ වන විට එම යෝජනාව භාරදී තිබෙනවා. බොහෝ දුරට පෙබරවාරි 20 වෙනිදා න්යායපත්රයට ඇමතිධූර වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි. නමුත් ව්‍යවස්ථාවට අනුව ඇමතිවරු ගණන වැඩි කරන්න පුළුවන් ජනාධිපතිට විතරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේ අද(6) විපක්ෂයේ පැවති මාධ්‍ය හමුවකදිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1) වගන්තියෙන් ඇමතිවරු ගණන තීරණය කිරීමේ බලය ජනපතිට පවරලා තිබෙනවා. නමුත් 46(1) වගන්තියෙන් පත් කළ හැකි උපරිම ඇමතිවරු ගණන 30කට සීමා කරලා තිබෙනවා. ඒ කියන්නේ ජනාධිපතිට පත් කළ හැකි උපරිම ඇමතිවරු ගණන 30යි. නමුත් කැමති නම් ඊට වඩා අඩුවෙන් පත් කළ හැකියි.
ජාතික ආණ්ඩුවක් හදලා ඇමතිවරු ගණන 48 දක්වා වැඩි කරන්න යෝජනාවක් සම්මත කරන්න පාරලිමේන්තුවට පුළුවන්. නමුත් ඇමතිවරු ගණන 48 දක්වා වැඩි කරන්න කියලා ජනාධිපතිට බල කරන්න කාටවත් බෑ.
පාර්ලිමේන්තු යෝජනාව අනුව ඇමති මණ්ඩලය වැඩි කරන්න කියලා ජනපතිට නියෝග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයටවත් බලයක් නෑ. ජනාධිපතිතුමන්ගේ අභිමතයට එරෙහිව ගිහිල්ලා ඇමතිධූර වැඩි කර ගත හැකියි කියලා එජාප නායකයෝ සිතාගෙන සිටිනවා නම් ඔවුන් දවල් හීන දැකීමක් පමණයි කරන්නේ කියන එක අපි ඔවුන්ට සිහිපත් කරනවා.

popular news
-
chathuri Wednesday, 06 February 2019 08:53 PM
එහෙනම් මයිත්රිට. කියල. ඔබට , නාමල් , විමල් මහින්ද තියෙන ලොකුම. ඇමතිකම් ගන්න පුළුවන්නේ. මහින්දට අගමැතිකම. දීල. ලෝකය. හිනැස්සුව. තව. සෙල්ලමක්. දාන්නද එන්නේ
Reply : 0 1
Don Thursday, 07 February 2019 08:17 AM
මෙයා උසාවියේ පඩිපෙළේ ඉඳන් කතාකරන ලෝයර් කෙනෙක් විතරයි
Reply : 0 1
nandana Thursday, 07 February 2019 04:48 PM
අන්දරේ නේද මේ ,හිනහ වේවි බොරු පච කෙලිනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

