කොළඹ, කලුතර,ගම්පහ, යාපනය, මහනුවර හා පුත්තලම දිස්ත්රික්කවලට දිගටම ඇඳිරි නීතිය. සෙසු දිස්ත්රික්කවලට හෙට (01දා) පෙරවරු 6.00ට ඉවත් කරන ඇඳිරි නීතිය යළිත් පස්වරු 2.00ට පැනවීමට නියමිතය.
එසේම මහනුවර අකුරණ හා කලුතර අටලුගම තවදුරටත් හුදෙකලා ප්රදේශ ලෙස නම්කර ඇති අතර එම ප්රදේශවලට කිසිවෙකුටත් ඇතුල්වීම හෝ පිටවීම තහනම් කර තිබේ.
